ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ජාතික ප්‍රදර්ශනයෙන් රු.මිලියන 12කට වැඩි ආදායමක් ලැබී ඇති බවත්, එය මෙතෙක් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් ප්‍රදර්ශනයකදී ලද ඉහළම හා වාර්තාගතම ආදායම බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වූ අතර, අත්කම් භාණ්ඩ අපනයනය මේ වනවිට 11%කින් වර්ධනය වී ඇති බවද එහි මුලසුන හෙබවූ එම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනලද ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත මහා ප්‍රදර්ශනය දින 6ක් පුරා පැවැත්විණි. වෙළෙඳ කුටි 101ක් ඊට ඇතුළත් වූ අතර, මෙරට හස්ත කර්මාන්ත නිෂ්පාදකයන්ට අමතරව ඉන්දීයව, බංගලිදේශය, නේපාලය සහ මැලේසියාව යන රටවල්වල ශීල්පීන්ද සිය ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කර තිබුණි. මීට පළාත් මට්ටමින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ 1,418ක් ඉදිරිපත් කර තිබුණු අතර, ප්‍රදර්ශනය නැරඹීම සඳහා 27,000කට වැඩි පිරිසක් පැමිණ තිබුණි. මේ පිළිබඳව වාර්තාව ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම මහත්මිය විසින් අමාත්‍යවරයාට භාරදෙනු ලැබීය.