එක්සත් ජනපදයට අයත් USS ඇන්කොරේජ් නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිමල නෞකාව සමග එක්ව පසුගිය අගෝස්තු 28දා සාගර අභ්‍යාසයක යෙදී තිබේ.
මෙම අභ්‍යාසය නිසා නැව් දෙකෙහිම කාර්ය මණ්ඩලවලට දැනුම වැඩිකර ගැනීමට මෙන්ම, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයේ මෙහෙයුම්වලදී වැදගත් වන විවිධ නාවික ශාස්ත්‍ර කුසලතා ලබාගැනීමට හැකිවූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
එහිදී, මෙම අභ්‍යාසය තුළ සන්නිවේදන හා යුද අභ්‍යාස ක්‍රියාමාර්ගවල නිරතවීම සඳහා නෞකා ගණනාවක් නියමිත රටාවකට යාත්‍රා කර ඇත.
ඇන්කොරේජ් සහ සුරනිමල යන නෞකා දෙකට අමතරව LCAC යානා දෙකක්, AH-IZ කෝබ්රා හෙලිකොප්ටරයක් හා UH-IY හුවේ හෙලිකොප්ටරයක්ද මෙම අභ්‍යාසයට සහභාගී වී ඇත.
වර්ධනය වන එක්සත් ජනපද - ශ්‍රී ලංකා නාවික සහයෝගීතාවයේ කොටසක් වන මෙම මුහුදු අභ්‍යාසයට පෙර, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවත් වූ ආරක්ෂක සහයෝගීතා අභ්‍යාස, අගෝස්තු 02 වැනිදා අවසන් වූ පැසිෆික් වළල්ලේ (RIMPAC) අභ්‍යාසවලට ශ්‍රී ලංකා නාවික හමුදාව මුල් වරට සහභාගීවීම මෙන්ම, පසුගිය අවුරුද්දේ පළමු වරට ශ්‍රී ලංකාවේ පැවැත්වූ මුහුදේ සහයෝගීතා සූදානම හා පුහුණුව (CARAT) වැඩසටහනද වන බව තානාති කාර්යාලය වැඩිදුරතටත් පවසයි.