ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා බවත්, ශ්‍රී ලංකාවේ ලක්ෂ 2ක් සෞදියේ රැකියවල නියුතුව සිටින බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සෞදි අරාබි රාජ්‍යයේ 88 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවස සිටියේ ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආධාර සෞදි ආරබිය ලබාදී ඇති බවත්, එම ආධාර යටතේ රටේ ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බවත්ය.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති ගරු අබ්දුල් නසාර් අල් හාර්ති මහතා ප්රමුඛව, සෞදි අරාබි රාජ්‍ය වෙනුවෙන් නිදහස් දින ජාතික උළෙලට ආරාධිතයන් රැසක් පැමිණ තිබුණි.