ශ්‍රී ලංකාව තවදුරටත් සංචාරක ව්‍යාපාරයට විවෘත බවත්, රට වෙත පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම මේ වනවිට ගෙන ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.
එම අධිකාරිය විසින් ෆේස්බුක් හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර, පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා මරු පහරක් බව ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන වටපිටාවකය.
පුහුණුව ලත් හදිසි අවස්ථාවන්ට මුහුණ දිය හැකි කණ්ඩායම් මේ වනවිටත් ස්ථාපිත කර ඇති බව පවසන සංචාරක සංවර්ධන අධිකාරිය, රෝහල්, ප්‍රහාරයට මුහුණදුන් හෝටල් සහ ගුවන් තොටුපොළ වෙත සංචාරකයන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක සහායක් ලබාදීමට හැකි සිය නියෝජිතයන් යොදවා ඇති බවද කියයි.