තරුණ පරම්පරාව පෙරටු කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන Road to Rights සංවිධානය යහපත් ලෝකයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීමට සහායවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු පාර්ශ්වකරුවන්ගේ ව්‍යාපාරය වන #ActionToImpact වැඩසටහන දියත් කර තිබේ.
#ActionToImpact යනු 2030 වනවිට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කෙරෙන මුලපිරීම්වලට කාලෝචිත ප්රතිචාරයකි.
ශ්‍රී ලංකාව තුළ සිවිල් සමාජය, තරුණයින් සහ රජය සමග දිගු කාලීන තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා දේශීයත්වය හා බැඳෙමින් මෙම වැඩසටහන පාර්ශවකරුවන්, ව්‍යාපාර බලමුලු ගැන්වීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.
සමාරම්භක උත්සවය මාර්ගගත වැඩසටහනක් ලෙසපැවැත්වුණු අතර ඒ සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, බොන් හි එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ සංවිධානයේ ගෝලීය අධ්යක්ෂ මරීනා පොන්ටි මහත්මිය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ILO හි ලංකා කාර්යාලයේ සිම්රින් සිං මහත්මිය, Road to Rights සංවිධානයේ නිර්මාතෘ අශාන් පෙරේරා, Global Strategic Corporate Sustainability හී සභාපති, ප්‍රධාන විධායක මෙන්ම UN Global Compact Sri Lanka හි නිර්මාතෘ ආචාර්ය රවී ප්‍රනාන්දු, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.