ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019' මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර තිබේ.
මෙම ප්රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල් සහ ප්‍රාග්ධණ වෙළෙඳ පොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන්ම, අනෙකුත් රටවල්වල තෝරාගත් ආර්ථික සහ සමාජ දර්ශකද ඇතුළත් වේ.
දත්ත භාවිත කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි කාලශ්‍රේණි සහ හරස්කඩ පදනමින් මෙම ප්රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇති අතර, මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම ප්රකාශනය, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (චැතම් වීදිය, කොළඹ 01) හා බැංකු විදුපියසෙහි පිහිටි බෙදාහැරීමේ කවුළුවලින් මෙන්ම (අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා අනුරාධපුර පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල ඇති බෙදාහැරීමේ කවුළුවලින් මිලදීගත හැකිය.