හේලීස් පීඑල්සී සමාගමේ මූලෝපායික ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී මනෝහාරි අබේසේකර මහත්මිය, ෆෝචූන් - එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය කාන්තා උපදේශක හවුල්කාරීත්ව වැඩසටහනකට සහභාගී වන රටවල් 15ක කාන්තා නායිකාවන් අතරට එක්ව තිබේ.
අබේසේකර මහත්මිය සහ අනෙකුත් සහභාගී වන්නන් 18 දෙනා ව්‍යාපාරික නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉතා ප්‍රබල ෆෝචූන් කාන්තා ප්‍රජාවේ විධායකයන් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේදී මසක කාලයක් වැඩ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසා සිටියේ, "කාන්තාවන්ට ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබුණු විට සමාගම්, ප්‍රජාවන් සහ ආර්ථිකයන් ඇතුළු අප සියලු දෙනාටම ප්රතිලාභ අත්වෙනවා" යනුවෙනි.
අබේසේකර මහමත්මිය විසින් හේලීස් සමාගම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 200කට අධික ප්‍රමාණයක අත්කර ගැනීම් සිදුකර ඇති අතර, ඇය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම් හා ආයෝජක සබඳතා සඳහාද සම්බන්ධ වන බව වැඩිදුරටත් සඳහන් වෙයි.