ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, විනෝදාස්වාද විශේෂඥ ස්කයිලයිට්ස් (SkyLights) සමග එක්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි සෙරන්ඩිබ් ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය වෙත පැමිණෙන මගීන් සඳහා වර්චුවල්රියැලිටි (Virtual Reality) සිනමා අත්දැකීමක් ලබාදීම අද (10දා) සිට අරඹා තිබේ.
අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් Allosky සහ Skykids හෙඩ්සෙට් මගින් නවතම චිත්‍රපට සහ ටෙලිනට්ය 2D ,3D සහ අති නවීන 360 view තාක්ෂණය ඔස්සේ නැරඹීමට මෙමගින් හැකියාව ලැබෙන බව කියයි.
මෙම පහසුකම හඳුන්වාදීම තුළින් තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලාසිටින ගනුදෙනුකරුවන්ගේ කාලය සිනමා රස වින්ඳනයට යොමුකරවා, එමගින් වඩාත් සතුටුදායක ගමනකට ආරම්භය සැලසිය හැකිය. ඉදිරියේදී මෙම පහසුකම දිගුදුර ගුවන් යානා අභ්‍යන්තරයේද ස්ථාපිත කිරීමට නියමිත බව ඔවුහු වැඩිදුරටත් පවසති.