ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 750 ඉක්මවා තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ 2019 වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කරයි.
එමෙන්ම, 2019 වසරේ පළමු මාස 04 අවසානයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු.මිලියන 12,961ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.