1979 වසරේ සැප්තැම්බර් 01දා කටුනායක සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ස්ථාපිත කර අදට (01දා) වසර 40ක් සම්පූර්ණ කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට රටවල් 48ක, ගමනාන්ත 149ක් වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කරමින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත මගීන් සේවා සලසයි.
වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සම්බන්ධතා ජාලයේ සාමාජිකයෙකුද වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇති ආයතනයකි.
විශේෂයෙන්ම, ලෝකයේ ගුවන් සේවා අතරින් නියමිත වේලාවට පිටත්වීම සහ ළඟාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය කීර්තියක් අත්කර ගත් ආයතනයකි.