කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති සියලුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික කාර්යාල කටුනායක පිහිටි එහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ගෙනයාමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
මෑතකාලීනව මාධ්‍ය වාර්තාවල පළවූ අයුරින් ප්‍රධාන විකුණුම් සහ පාරිභෝගික මෙහෙයුම් කිසිවක් නැවත ස්ථානගත නොකෙරෙන අතර, ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා සුපුරුදු පරිදි එම ආයතන ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
ඒ අනුව, ශ්‍රී ලංකන් විකුණුම් අංශය, ෆ්ලයිස්මයිල්ස්, ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය සහ ගුවන් භාණ්ඩ විකුණුම් කාර්යාල ඔවුන්ගේ වර්තමාන ස්ථානවල සිට අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බවත්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 3 වැනි මහල, අයිස්ලන්ඩ් ගොඩනැගිල්ල කොළඹ 03 සහ ඩිවොස්මාවත - කොළඹ 4 යන ස්ථාන වල පිහිටි සේවා ස්ථාන ඉදිරියටත් පහසු සහ සෘජු පාරිභෝගික සේවයක් සපයනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.