ශ්‍රී ලංකා මහ බැංකුවේ, ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2018 වාර්ෂික ප්රකාශනයේ 41 වැනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා නිකුත් කර තිබේ.
පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනාත්මකව ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන අංශ 14 ට අදාළ නවතම දත්ත ඇතුළත් බව කියයි.
කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්රකාශනයේ සාරාංශ කර ඇති බැවින් එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්රාලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
චැතම් වීදියේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙන්, රාජගිරිය බැංකු විදු පියසෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරය පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල බෙදාහැරීම් කවුළුවලින් රු.50කට මෙය මිලදී ගත හැකිය.