ශ්‍රී ලංකාවේ සමස්ත පුද්ගලික රෝහල් ජාලයම නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා නිවාස සංගමය විසින් පුද්ගලික රෝහල් සේවාව තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ගෙනයනු ලබන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, මෙම නිලධාරී මඩුල්ලේ සභාපති ලෙස හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ අචාර්ය ලකිත් පීරීස් මහතා පත්ව තිබෙන අතර, පන්නිපිටිය නර්සින් හෝම් හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ඉංජිනේරු ආනන්ද කුරුප්පුආරච්චි, නිව් ෆිලිප් රෝහලේ සභාපතිනිය සහ කළමනාකාර අධ්යක්ෂ දේශමාන්‍ය ඉන්ද්‍රානි ප්‍රනාන්දු, ආසිරි රෝහලේ වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය රුවන් සේනාතිලක යන මහත්ම මහත්මීන් මෙහි උපසභාපති ධුරයන් සඳහා පත්වූ බව ඔවුහු පවසති.