ඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන SriLanka Technological Campus (SLTC), මෑතකදී කොළඹ SLTC Trace Expert City හි අතථ්‍ය ක්‍රමයට පවත්වන ලද විශේෂ උත්සවයකදී ඔස්ට්‍රේලියාවේ Deakin University සමග පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වූ ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙම අවස්ථාවට සමගාමීව, Centre forGlobal Education ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුවූ අතර, මෙම ආයතනය, දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් පිරිනමන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුම සඳහා Deakin University වෙනුවෙන් එහි නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර සම්බන්ධතා) මහාචාර්ය ගැරී ස්මිත් විසින්ද, SLTC ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ-සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ මහතා විසින්ද අත්සන් තබන ලදී.
මෙම එකඟතාවේ විශේෂත්වයක් නම් Bachelor of Artificial Intelligence පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා SLTC ආයතනයට මේ යටතේ අවසර ලබාදී තිබීමයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ආයතනයකට මෙම ක්ෂේත්රයේ උපාධියක් පිරිනැමීම සඳහා අවස්ථාව ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය බව Deakin University හි විද්‍යා, ඉංජිනේරු සහ ඉදිකිරීම් පීඨයේ සහකාර පීඨාධිපති මහාචාර්ය බාස්කරන් මහතා පැවසීය.
මෙම හවුල්කාරීත්වය යටතේ කෘත්‍රිම බුද්ධිය, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යන විෂයන්ට අදාළව Bachelor of Artificial Intelligence, Bachelor of Computer Science, Bachelor of Information Technology සහ Bachelor of Software Engineering උපාධි පාඨමාලා 4 හැදෑරීමේ අවස්ථාව SLTC මගින් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදෙනු ඇත.