ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2019" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.
මෙහිදී, මුදල් අමාත්‍ය මංගල සමරවීර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය, ඉන්දියානු රජයේ හිටපු වාණිජ, කර්මාන්ත හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ G07 සහ G20 සංසදයන්හි ඉන්දීය අග්‍රාමාත්‍ය නිල තානාපති ශ්‍රී සුරේෂ් ප්‍රභූ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයකටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.
එම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.