වාහන ආයනයන සම්බන්ධයෙන් රජය විසින් පනවා ඇති සීමා හේතුවෙන්, වාහන ක්ෂේත්රය මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරමින් 2020 මාර්තු මස සිට බලාත්මක වූ සීමා කිරීම් නිසා වාහන ආනයනකරුවන්ට මෙන්ම අදාළ සියලුම ක්ෂේත්‍ර කෙරෙහි සුවිශාල බලපෑමක් එල්ල වී ඇති බව ඔවුන් කියයි.
විශේෂයෙන්ම මෙම සීමාවන් නිසා වාහන ආනයනකරුවන් මෙන්ම, අදාළ සේවා සපයන්නනද් ආයතනික නඩත්තුව, බැංකු ණය, සේවක වැටුප් වියදම් පියවා ගත නොහැකිව, දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත්, රට තුළ වාහන ආනයනකරුවන් විශාල පිරිසක් සිය ප්රදර්ශනාගාර තුළ එකම වාහනයක්වත් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් පවසා සිටියි.
මෙය දිගින් දිගටම පැවතියහොත් තම ව්‍යාපාර වසා දමා සියලු සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ක්ෂේත්රයේ සෘජු හා වක්‍ර රැකියාවල නිරත 100,000ක් පමණ පිරිසටත්, ඔවුන්ගෙන් යැපෙන 400,000ක් පමණ වන පිරිසත් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙනු ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.