එක්සත් ජනපදය, වසංගතයෙන් එල්ල වූ ආර්ථික අභියෝග පරදවන්නට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාවේ කඩා ව්‍යාපාරවලට තවදුරටත් සහාය ලබාදෙමින් සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට රුකුලක් ලබාදීම පිණිසත්, පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීමටත්, කාන්තා ව්‍යවසායකයන්ට සහාය දීමටත් DFCC බැංකුව වෙත අරමුදල් වශයෙන් ඇ.ඩො.මිලියන 150ක් ලබාදීමට කටයුතු කර තිබේ.
මින් පෙර අවස්ථාවකදී NDB බැංකුව වෙත ඇ.ඩො.මිලියන 75ක් ලබාදුන් බවත්, මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ණය මුදල් සඳහා සිදුකෙරෙන විශාලතම වියදම මෙය බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
"ආර්ථික වශයෙන් සවිබල ගැන්වුණු කාන්තාවන් තමන්ව ඉහළට ඔසවා තබමින්ම, තම පවුල්, ප්‍රජාවන් සහ රටවල් පරිවර්තනය කර තිබෙනවා. සමාජයන් සඵලත්වය ළඟාකර ගැනීමට නම් කාන්තාවන්ට සම්පත් සහ අවස්ථාව ප්‍රවේශය තිබිය යුතුයි. වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සර්වග්රාහී ආයෝජන තවදුරටත් අවශ්‍ය කර තිබෙනවා" යැයි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.