වැලිසර නාවික හමුදා රෝහල සඳහාද රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රෝහාන් සමරජීව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් රියඅද්මිරාල් සේනරූප ජයවර්ධන යන මහත්වරුන් අතර සිදුවිය.
මෙම තොරතුරු කළමණාකරන පද්ධතිය මෙම නාවික හමුදා රෝහල වෙත හදුන්වා දීම නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන එම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ්ණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙමගින් කඩදාසි භාවිත කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සඳහාද මග සැලසෙනු ඇත.