එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය මගින් පොඩි මිනිහාට ළඟාවිය නොහැකි ඉලක්ක දිනාදෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (09දා) යාපනය මුට්ට්‍රවේලි පිටියේ පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තුන් වැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
"මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය මගින් පොඩි මිනිහාට ළඟාවිය නොහැකි ඉලක්ක දිනා දීමට අවශ්‍ය මංපෙත් විවර කර දෙනවා.
ඔවුන්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුමේ සිට ප්රාග්ධනය පවා මෙමගින් ලබා දෙනවා. ඉතා ලිහිල් කොන්දේසි යටතේ, සුළු පොලී අනුපාත යටතේ මෙම ණය ලබා දෙනවා.
ඒ නිසා මෙම වැඩපිළිවෙළ යටතේ ව්‍යවසායකත්ව අවස්ථා ලක්ෂයක් නිර්මාණය කිරීම අරමුණ වුණත් ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරීමේ හැකියාව පවතිනවා." යැයි පවසා සිටියේය.