2018 නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පසුව බැංකු හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශයන්හි කරන ඉපයීම් ආදායම් බද්දෙන් නිදහස් කිරීම හරහා විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බිලියන 2කින් ඉහළ නංවා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.
ඒ අනුව, දැනට වාර්ෂිකව ලැබෙන ඇ.ඩො.බිලියන 6ක් පමණ වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මේ හරහා ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරෙන අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනා හරහා වාර්ෂික විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බිලියන 10 දක්වා ඉහළ නංවා ගැනීම ඉලක්ක කළ සෙසු ක්රියාමාර්ගයන්ද ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.