විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික පදනම මත 10.9%ක සැලකිය යුතු අඩුවීමක් 2018 අගෝස්තු මාසයේදී වාර්තා කර තිබේ.
එනම්, 2018 අගෝස්තු මාසයේදී ප්‍රේෂණ ලෙස ලැබී ඇත්තේ ඇ.ඩො.මිලියන 534කි. එය 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී ඇ.ඩො.මිලියන 600ක් ලෙස සටහන් වී ඇත.
සමුච්චිත පදනම මත සැලකූවිට වසරේ පළමු වැනි මාස 8 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සුළු වශයෙන් අඩුවී ඇති බවද මහ බැංකුව කියයි.