විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩුවිමේ ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට යමින්, 2018 වසරේ ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ ජුනි මාසයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 524ක් දක්වා සියයට 11.4කින් පහළ වැටී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ පළමු භාගය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 3,624ක් දක්වා සියයට 0.9ක සුළු වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.