ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා ඊයේ දින (05දා) නිල වශයෙන් රාජකාරි ආරම්භ කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුද වන අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුද වන බව එම කාර්යාංශය නිවේදනය කරයි.
බහුමාධ්‍ය පරිගණක තාක්ෂණය පිළිබඳව එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂර් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකු වන අතර ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.
එමෙන්ම, ඔහු තොරතුරු තාක්ෂණ කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්රය තුළ වසර 10ක කැපී පෙනෙන වෘත්තිකයෙකු ලෙස කටයුතු කර ඇති බවද එම කාර්යාංශය පවසයි.
ඔහු වැඩභාර ගැනීමේ අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අමාත්‍යංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී වන්සේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම්. මිස්බා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.