අන්ක්ටාඩ් සංවිධානය නිකුත් කළ ව්‍යාපාර පාරිභෝගික කටයුතු ගෝලීය විද්‍යුත් වාණිජ්‍යය දර්ශකයට අනුව ශ්‍රී ලංකාව විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු කිරීමෙන් ලෝකයේ රටවල් 144ක් අතුරින් 73 වැනි ස්ථානයේ පසුවන අතර, ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පළමු පෙළේ රටවල් 10 අතර රැඳී සිටියි.
'විද්‍යුත් වාණිජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ මාර්ග සිතියමක් නිර්මාණය කිරීමේ ජාතික පොදු පෞද්ගලික කතිකාව' මැයෙන් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
මෙම ජාතික පොදු - පෞද්ගලික කතිකාව සංවිධානය කර තිබුණේ ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ හා යුරෝපීය කොමිසමේ අනුග්‍රහය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි. ඒ අනුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි විය.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වැඩි කිරීම තුළින් කලාපීය හා යුරෝපීය වෙළෙඳ පොළ සඳහා ඩිජිටල් තාක්ෂණික පහසුකම් තුළින් විද්‍යුත් වාණිජ්‍යය ව්‍යාපාරික මෙහෙයුමක්, ආචාරධර්මානුකූලව හා සාධාරණ ලෙස ඇතිකර ගැනීමට මාර්ගෝපදේශන සකස් කිරීම මෙහිදී මූලික වශයෙන් සලකා බැලුණි.