විද්‍යා,තාක්ෂණ ,පර්යේෂණ,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංය හා චීනයේ විද්‍යා ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුව තිබේ.
එම අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යාංශය වෙනුවෙන් ඊට අත්සන් කර ඇති අතර, චීන විද්‍යා ඇකඩමියේ උප සභාපතිවරයා චීන ආයතනය වෙනුවෙන් අත්සන් කර ඇත.
මෙම අවබෝධතා ගිවිසුමේ පරමාර්ථය වන්නේ දෙපාර්ශ්වය අතර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් සහයෝගය වර්ධනය කිරීමයි.