ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා පැවති රු.60ක රජයේ අවම සහතික මිල රු.80ක් දක්වා ඉහළ නංවා තිබේ.
ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේදී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ බව පෙන්වා දෙන අමාත්‍යාංශය,ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු බවත්, එබැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය වූ බවද කියයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූණු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එසේම දැනට පවතින ලොකු ලූණු වගාවන්හි ඵලදායීතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහාද නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙන බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශ්‍ය, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිත බවද කියයි. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මාස හයකට වරක් අමාත්‍ය මණ්ඩලයේ දී සලකා බැලෙනු ඇත. තවද පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රු.190ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබේ.