ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක්කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ.
හොඳම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය (Best Digital-Enabled Product /Service Category) යටතේ වන සමස්ත ජයග්‍රහනය (Overall Winner) නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (LGN2.0) වෙනුවෙන් ලබා ගැනීමට සමත් වී ඇත.
තවද, හොඳම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශය (Best Digital-Enabled Product /Service Category For Government Institutions And Ngos Sector) යටතේ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සඳහා ජයග්රහන සම්මානයද ලබාගෙන තිබේ.
කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම කඩිනම් කිරීම මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙයි.
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ ඉතා සාර්ථක ලෙස රාජ්‍ය ආයතන 860ක් මේ වනවිට ජාලගත කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය නිමා වනවිට රාජ්‍ය ආයතන 3,500ක් පමණ සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා සමස්ත ජයග්‍රහනය (Overall Winner) සඳහා වන සම්මානය මෙහිදී ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ කාංචන තුඩුගල, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු චින්තක ඒකනායක යන මහත්වරු මෙහිදී හොඳම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය රාජ්‍ය හා රාජ්‍ය නොවන තරග අංශය සඳහා වන සම්මානය ලබාගෙන තිබේ. මෙම සම්මාන ප්රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පවත්වන්නට විය.