ලංකා බැංකුවේ සභාපති ලෙස නීල් ඒ. උමගිලිය මහතා පත්කර ඇති අතර, ඔහු ලංකා බැංකුවේ 25 වැනි සභාපතිවරයා ලෙස 2018 නොවැම්බර් මස 19 වන දින වැඩ භාරගෙන තිබේ.
උමගිලිය මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සම්මාන සාමාජිකත්වය දරණ අතර, බි්රතාන්ය කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. උමගිලිය මහතා වර්තමානයේදී ඩයල් ටෙක්ස්ටයිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් හි සහ විජය කුමාරතුංග උනුස්මරණ රෝහලෙහි අධ්‍යක්ෂකවරයෙකු වන අතර, ශ්‍රී ලංකාවේ ජර්මන් ව්‍යාපාර මණ්ඩලයෙහි සාමාජිකයෙකුද වෙයි.
මීට පෙර ඔහු සීමාසහිත ලංකා සළුසල සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇත.