ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි නිසා ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අද වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.6ක් පමණ හෙවත්, ඇ.ඩො.86 සිට 80 දක්වා අඩුවී තිබුණු බවයි.
එමෙන්ම මේ වනවිට ඉන්ධන මිල යම් ප්‍රමාණයක් ඉහළ ගියද එය කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව අඩු මට්ටමමේ පවතින බවද මංගල සමරවීර මහතා කීවේය.
එමෙන්ම, ලෝකයේ සෑම රටක්ම ඉන්ධන සඳහා බදු අඩුකරන බවද එලෙස බදු අයකිරීම රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු.82.17ක බද්දක්ද, ඩීසල් ලීටරයක් සඳහා රු.57.52කද බද්දක් අයකරන බවත්, ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක අයකරනු ලබන්නේ රු.53.68ක සහ ඩීසල් ලීටරයකට රු.25.48ක බද්දක් පමණක් යැයිද මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මීට සතියකට පමණ ඉහතදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ලබන පෙබරවාරි (2019) වනවිට ඉන්ධන මිල අඩුවිමේ පුරෝකථන පවතින බවකි.