2019 ජුනි මස 18දා දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 3.3%කින් අතිප්‍රමාණය වී තිබේ.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වීම සැලකිය යුතු වර්ධනයකි.
එහිදී, යූරෝ මුදල් ඒකකට සාපේක්ෂව 5.2%කින්ද, ස්ටර්ලිං පවුම්වලට සාපේක්ෂළු 4.6%කින්ද, ජපන් යෙන්වලට සාපේක්ෂව 1.3%කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 1.6%කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂළු 6.5%කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 3.1%කින්ද ශ්‍රී ලංකා රුපියල මෙම වසරේ මේ දක්වා අතිප්‍රමාණය වී තිබේ.