2020 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජනවාරි මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 7.0%කින් පහත වැටී තිබේ.
ප්රධාන වශයෙන් පෞද්ගලික ප්රයෝජන සඳහා වූ රථවාහන ආනයන වියදම පහත වැටීම හේතුවෙන් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 27.9කින් පහත වැටීම මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ජංගම දුරකථන, ගෘහ උපකරණ මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති බොහෝ උපකාණ්ඩවල ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.