රටේ මුදල්වලින් කටයුතු කරගෙන යන්නට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, දැනට පවතින බර අනවශ්‍ය විදියට තවදුරටත් වැඩි කරගත්තා නම්, රටට දැවැන්ත පීඩනයක් ඇතිවෙන්නට තිබුණු බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ තත්ත්වය තුළ රජයක් ලෙස කල්පනාකාරීව ක්‍රියා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීමට තීරණය කර නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
ණය බරතාවයෙන්ම පමණක් විසඳුම් නොසොයා, ණය නොවන මුදල් ඒකරාශී කරගැනීමෙන් අලුත් මාවතකට පිවිසීමට රටට අවස්ථාව හිමිවන බවද හෙතෙම අවධාරණය කරයි. සැමවිටම කාගෙන් හෝ යැපෙන මානසිකත්වයක් කලින් තිබුණත්, දැන් අපේ ශක්තියෙන් මේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.