ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ප්රතිපත්තීන් වසර දහයක්වත් නොවෙනස්ව පැවතිය යුතු බවත්, එසේ නොමැතිනම් මාස ගණනකට වරක් වෙනස්වීම තුළ අපනයනකරුවන්, ව්‍යාපාරිකයන්, අපහසුවට පත්වන බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට එය විශාල ගැටලුවක් බවත්, එම නිසා තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස වසර දහයක් නොවෙනස් බදු ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළකරනු ලැබුවේ 22 වැනි ජනාධිපති අපනය සම්මාන උළෙලට එක්වෙමිනි. එහිදී, තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ජේ.ආර්. ජයවර්ධන රජය විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග අපනයන වර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපති අපනයන සම්මාන ආරම්භ කළ බවත්, ඒ තුළින් මෙරට ආර්ථිකයට විශාල සේවයක් සපයන අපනයකරුවන් දිරිමත් කිරීමක්, ඇගයීමත් සිදුකෙරුණු බවත් පවසා සිටියේය.