මහජන බැංකුවෙන් පාසල් පැසිපන්දු තරඟාවලිය 2026 ට අනුග්‍රාහකත්වය
මහජන බැංකුව විසින් තාරුණ්‍යයේ ක්‍රිඩා කුසලතා දිරිමත් කිරීම, පැසිපන්දු ක්‍රීඩාවේ නියැලෙන පිරිස ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකිය ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්, 'ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු තරගාවලිය -2026' (Sri Lanka Schools Basketball Tournaments 2026) සඳහා අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ.
මෙය නිල වශයෙන් හඳුන්වා දිම කොළඹ 02, 'පීපල්ස් ටවර් ' (People's Tower) ශ්‍රවනාගාරයේදී පසුගියදා සිදු කෙරුණු අතර, එහිදී මහජන බැංකුව සහ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය අතර මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට (MoU) අත්සන් තැබිණි.
මේ යටතේ, 2026 වසරේදි පැවැත්වෙන වයස අවුරුදු 13 න් පහළ, 15න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩයන් සඳහා මහජන බැංකුව සිය අනුග්‍රාහක දායකත්වය පිරිනමනු ඇත. ඒ තුළින් නැගී එන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පැසිපන්දු ක්‍රීඩා කුසලතා සංවර්ධනය සඳහා සහාය වීම මෙන්ම තරගකාරී ක්‍රීඩාවන් සඳහා සහභාගි වන තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවන් ලබාදීමද සිදු කෙරේ.
මීට අමතරව, පාසල් සිසුන් අතර පැසිපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සහ ඒ සඳහා සහභාගි වන ප්‍රමාණය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කිරිමටද මහජන බැංකුව කටයුතු යොදා ඇත. මෙම වැඩපිළිවෙල මඟින් විනය, කණ්ඩායම් හැඟීම, නායකත්වය, උත්සාහය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම ඇතුළු වටිනාකම් පෝෂණය කරන අතරම, පැසිපන්දු ක්‍රීඩාව තරුණ තරුණියන් අතර ජනප්‍රිය කිරීම මහජන බැංකුවේ අරමුණයි.
දිවයින පුරා පිහිටි රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් 120 කට අධික සංඛ්‍යාවක් මෙම ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ශූරතාවලිය සඳහා සහභාගී වේ. පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වෙන මෙම ශූරතාවලිය, ශ්‍රී ලංකාවේ සියලුම පළාත් තුළ පැසිපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින්, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුව සඳහා ඉහළ තරගකාරිත්වයකින් යුත් වේදිකාවක් තනාදෙනු ඇත.
මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 80 ක් සහ කාන්තා කණ්ඩායම් 50 ක් පමණ සහභාගි වීමට නියමිත අතර, පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,950ක් පමණ ඒ සඳහා සහභාගී වනු ඇත. වර්තමානය වන විට මෙරට පාසල් සිසුන් අතර පැසිපන්දු ක්‍රීඩාව සඳහා ඇති ජනප්‍රියත්වය වර්ධනය වෙමින් පවතින අතර, පාසල් මට්ටමේ සිට ක්‍රීඩාවන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදීමේ වැදගත්කම මෙවැනි අනුග්රාහකත්වයන්ගෙන් පිළිඹිබු වේ.
මේ අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමි හා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන) පී.ආර්. කාරියවසම් මහත්මිය, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන චන්දන ගුණියන්ගොඩ, චන්දිමා අබේගුණවර්ධන, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන්, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ සභාපති ඉරාන් චම්පික සිල්වා යන මහත්වරුන්, ආයතනික හා විධායක කළමනාකාරිත්වය, පැසිපන්දු කණ්ඩායමේ හිටපු නායකයින්, ක්‍රීඩක ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් සහාභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

