ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ඩීස් ලිමිටඩ් කොටස් 100,000,000ක මූලික මහජන නිකුතුව (IPO) කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආරම්භ කළ දිනරේම (2021 මැයි 11දා) කොටසට රු.10.40 බැගින්ඩ වූ අධි දායකත්වයක් ලබාගෙන තිබේ.
ඒ අනුව, කොටසට රු.10.40 බැගින් සමාගමේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 87,500,000ක් දක්වා අමතර කොටස් සංඛ්‍යාවක් නිකුත් කිරීමට සමාගම තීරණය කරන ලදී. එසේම එම කොටස් ප්‍රමාණය 2021 මැයි 12 දින ප.ව. 4.30 දක්වා ලැබුණු අයදුම්පත් මත පදනම්ව වෙන්කරන ලදී.
ඒ අනුව මෙම මූලික කොටස් නිකුත්ව හරහා එම සමාගම විසින්ඩ රු.බිලියන 1.04 මූලික ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගන්නා ලද අතර, කොටස් නිකුතුව අවසන් වනවිට රු.මිලියන 910ක ඡන්ද හයිමි සාමාන්‍ය කොටස් 87,500,000 සඳහා ඉල්ලුම් කිරීම අතින් ගත්විට ඉතා ඉහළ ප්‍රතිචාරයක් දක්නට ලැබුණු බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.