ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වෙළෙඳාම මෙන්ම, දෙරට අතර පුද්ගල සබඳතා වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමට මහා බ්‍රිතාන්‍යයේ ආසියානු කලාපය පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් හෙට (05දා) ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි.
දින දෙකක සංචාරය තුළ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, පාර්ලිමේන්තු කතානායක කරු ජයසූරිය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම, විරුද්ධ පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මෙන්ම, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමේ සාමාජිකයන්ද හමුවීමට හෙතෙම කටයුතු කරනු ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.