ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහාය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන්හැන්ඩ් විසින් කිලෝග්‍රෑම් 6,300කට අධික පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) ප්‍රමාණයක් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා වෙත ලබාදී තිබේ.
එය භාරදීමේ උත්සවයේදී මහ කොමසාරිස් හොලි පවසා තිබුණේ, "ගෝලීය කොවිඩ්-19 අර්බුදයේ බලපෑමට අප සියලු දෙදෙනාම මුහුණ දෙන බැවින් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. කොවිඩ්-19 මර්දනය කිරීමට ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට සහයෝගය දැක්වීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුටු වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ පෙරමුණේ සිටින අය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී තිබෙනවා." යනුවෙනි.
PPE හි උසස් තත්ත්වයේ ආවරණ 16,500ක්, ශල්‍ය මුඛ ආවරණ 25,000ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද අත්වැසුම් 100,000ක්, එන්නත් ප්‍රවාහනය සඳහා ගූගල්ස් 175ක් සහ ලීටර් 25 සිසිල් බහාලුම් 15කින් සමන්විත වූ අතර, එය කොවිඩ්-19 තවදුරටත් සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට සහාය වනු ඇති බව කියයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිචාරයට ඔස්ට්‍රේලියානු රජය දක්වන සහයෝගය දැන් ජාතික රසායනාගාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට දක්වන සහයෝගය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාවන්ට තීරණාත්මක ආහාර හා සනීපාරක්ෂක භාණ්ඩ සැපයීම ඇතුළුව ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (දළ වශයෙන් රු.බිලියන 1.8 ක්) පමණ වන බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.