මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ලොව සුප්‍රකට සන්නාම දිරිගැන්වීම සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ළඟදීම එළිදැක්වීමට නියමිතව බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කරන්නන් හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන් හා සමග සමීපව ක්‍රියාකරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සංවර්ධන අංශය විසින් මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය සැලසුම් කොට ඇත. මෙය දියත් කිරීමත් සමග ඊට අනුකුලව ක්‍රියාකිරීම අනිවාර්ය වන අතර, එමගින් දේශීයව නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා වැඩි අගයක් එකතු කිරීමක් සිදුවන බව සඳහන් වෙයි.
ඉදිර වසර 2 - 3ත් කාලයේදී සෘජුව රැකියා විසිදාහකුත්, වක්‍ර රැකියා විසිපන්දාහකුත් මේ හරහා උත්පාදනය වනු ඇති බව විශ්වාස කෙරෙයි. මෝටර් රථ දේශීයව එකලස් කිරීම තුළින් තාක්ෂණය මෙරටට හිමි වන අතර, ලොව ඇති හොඳම නිෂ්පාදන තාක්ෂණ ප්රමිතීන් සමග තාක්ෂණික පුහුණුවක් ලබා ගැනීමට මෙරට ශ්‍රමිකයන්ටද අවස්ථාවක් උදාවෙයි.