මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි රු.බිලියන 90ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2019 ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙය සිදුකර ඇති බවත්, ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා එම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායකවීම තුළින් ඇතිවිය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාක සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබාගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ග සාක්ෂාත් කරගැනීමට හැකිවීමත් සමග පෙබරවාරි මාසයේදී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත්, ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.