නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම බොහෝ දුරට පාලනය වී ඇති පසුබිමක ලෝක බොරතෙල් මිල දිනක් තුළ 8%කින් පමණ යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.2.85කින් හෙවත් 8.3%කින් ඉහළ යමින් ඇ.ඩො.37.21ක් බවට පත්ව තිබේ.
එමෙන්ම ඩබ්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.2.46කින් හෙවත් 7.9%කින් ඉහළ යමින් ඇ.ඩො.33.59ක් බව ටපත්ව තිබේ.
කෙසේ වෙතත් පසුගිය සඳුදා දිනයේදී මෙම බොරතෙල් මිල ගණන් ද්විත්වයේම දරුණු පහළ බැසීමක් දැකගත හැකි වූ අතර, එය 1991 ජනවාරි 17දා ගල්ෆ් යුද්ධය අවස්ථාවේදී සිදුවූ කඩා වැටීමට පසුව දැකගත හැකිවූ ඉහළම කඩා වැටීම විය.