බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින තත්ත්වයකදී පවා මෙවර ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල අඛණ්ඩව සිව්වැනි වරටත් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, පසුගිය ජනවාරි 10දා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92, 95 සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රු.3කින්ද අඩු කර තිබුණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබුණේ ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවරද මිල අඩු කරන ලද නමුත්, ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බවය. එහිදී, සිංගප්පූරුවේ බ්‍රෙන්ට් වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ප්ලැට්ස් වෙළෙඳ පොළෙහි නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් පුරා අඛණ්ඩව වැඩිවෙමින් පැවති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ බවත්, ඔක්තෝබර් මස 10දා වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.85ක් ලෙස සඳහන් වූ බවත් පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය, එය ඔක්තෝබර් මස 26දා වනවිට ඇ.ඩො. 58ක් දක්වා අඩු වූ බවත්, අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.52ක් දක්වා අඩුවී තිබූ බවත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින බවද පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය, පසුගිය ජනවාරි 10 වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.59 ද ඉක්මවා ගොස් ඇති බවද අවධාරණය කරයි.