පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමයට නව නිලධාරී මණ්ඩලයක්
පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමය [Association of Alternate Financial Institutions (AAFI)] විසින් තම වාර්ෂික මහා සභා රැස්වීමේදී 2026/2027 වර්ෂය සඳහා එහි නව නිලධාරී මණ්ඩලය පත්කරන ලදී.
පහත සඳහන් නියෝජිතයන් 2026 වසරේ ජනවාරි මස සිට වසර 2 ක කාලසීමාවක් සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ නිලධාරී මණ්ඩලයට තෝරා පත්කරගනු ලැබූහ.
සිද්දීක් අක්බාර් මහතා - සභාපති
සුරේෂ් ආර්. අයි. පෙරේරා මහතා - උප සභාපති
රිෆ්කා සියාර්ඩ් මිය - ලේකම්
ඉල්සාම් අව්ෆර් මහතා - උප ලේකම්
බහාර් නායන් මහතා - භාණ්ඩාගාරික
හිශාම් අලි මහතා - උප භාණ්ඩාගාරික
විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සාමාජිකයන් විසින් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවත පත්කරගන්නා ලදී. සංගමයේ උප සභාපති ලෙස තේරී පත් වූ සුරේෂ් පෙරේරා මහතා සහ ලේකම්වරිය ලෙස තේරී පත් වූ රිෆ්කා සියාර්ඩ් මහත්මිය KPMG හි බදු සහ නියාමන ප්‍රධානීන් ලෙස කටයුතු කරති. දැනට NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස සේවය කරන බහාර් නායන් මහතා භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූ අතර, HNB බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හිෂාම් අලි මහතා උප භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මීට අමතරව LOLC Finance හි AFSU ඒකකයේ ප්‍රධාන කළමනාකරු ඉල්සාම් අව්ෆර් මහතා උප ලේකම් ලෙස පත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු හා මූල්‍ය සේවා ආයතන වන අමානා බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, එම්.සී.බී බැංකුව,එල්.බී ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, අල්-ෆලාහ් – LOLC ෆිනෑන්ස් පීඑල්සී,LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී, එච්.එන්.බී ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී, කේ.පී.එම්.ජී, කොමර්ෂල් බැංකුව - අල් අදාලා, අමානා තකාෆුල් පීඑල්සී, එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් යන ආයතන විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සාමාජිකත්වය දරනු ලබයි. සංගමයේ වෙබ් අඩවිය මෑතකදී දියත් කරන ලද අතර, https://www.aafi.lk/ හරහා එයට පිවිසිය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

