පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසයි.
කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදුකරන සමාගමට, මෙම අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව තිබේ.
කිරි එක්රැස් කිරීමේ කාර්යයේදී, කොවිඩ්-19 වැළක්වීමේ පූර්වාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් දී ඇති උපදෙස් අනුගමනය කිරීමට විවිධ පියවර පැල්වත්ත කළමනාකාරිත්වය විසින් ගෙන ඇති අතර, පුද්ගල දුරස්ථතාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම සඳහා ඉහළම අවධානයක් යොමු කර ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.