ජනතාවගේ සෞඛ්‍යයට බලපාන, පරිභෝජනයට නුසුදුසු මෙන්ම මෙරට පරිසර පද්ධතියට හානි කරන කිසිදු සොයා බැලීමකින් තොරව නිසි ප්‍රමිතියක් නොමැතිව ආනයන කරන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නේ යැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කාලීන අවශ්‍යතාවක් ලෙසත් ඉතා කඩිනමින් කළයුතු කාර්යයක් ලෙසත් සලකා මේ පිළිබඳව විධිමත් ලෙස සොයා බැලීමට ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ. මේ කමිටුව සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආනයන-අපනයන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්ව එක්කර ගෙන තිබේ. එම කමිටුවේ නිර්දේශයන්ට අනුව අවශ්‍ය නම් අදාල අණ පනත් සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමටද තමා අපේක්ෂා කරන බව ගුණවර්ධන මහතා පවසයි.