ඇමෙරිකානු ජනතාවගෙන් අරමුදල් ලබා සූදානම් කළ අත්‍යවශ්‍ය ආහාර ආධාර තොගයක් ප්‍රාථමික පාසල් 887ක සිසුන් දළ වශයෙන් 110,000ක පළමු වැනි කණ්ඩායම වෙත ලබාදීම පසුගිය ජුනි 21දා සිදුවූ බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මේ යටතේ 2021 ජුනි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ බදුල්ල, කිලිනොච්චිය, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සිසුන් සහ ඔවුන්ගේ පවුල් වෙත කඩල පරිප්පු කිලෝ 5ක් සහ රෝස සැමන් ටින් 5ක් බැගින් ලබාදෙන බවද කියයි.
නිවසට ගෙනයෑම සඳහා හදිසි අවස්ථා ආධාර වශයෙන් ලබාදෙන මෙම වියළි ආහාර, ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත, පාසල් යන වයසේ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත එ.ජ. කෘෂිකර්ම භාණ්ඩ සහ තාක්ෂණික සහාය පරිත්‍යාග කරන්නා වූ, එ.ජ. කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඇ.ඩො.මිලියන 26ක ව්‍යාපෘතියක් වන මැක්ගවර්න්-ඩෝල් ව්‍යාපෘතියේ කොටසක් බවද කියයි.
නිවසට ගෙනයාම සඳහා ලබාදෙන ඉහත කී වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු සඳහා ජාතික මට්ටමේ අමාත්‍යාංශ තුනක්, පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් මට්ටමේ බලධාරීන්ගේ පූර්ණ සහාය ලබාදී ඇති බවද වැඩිදුරටත් පවසයි.