ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන 2020 ජනවාරි මාසයේ පැවති 7.6%ක උද්ධමනය 2020 පෙබරවාරි මාසයේදී 8.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා දායක වූ බවත්, තවද ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි එය 2.1%හි පැවති බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.