පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 126,384,052 ක අයිතිය හිමිකම් නිකුතුවක් හරහා අත්පත් කර ගැනීමට Sterling Capital Investments පෞද්ගලික සමාගම පියවර කටයුතු කර තිබේ.
මෙහිදී එක් කොටසක් සඳහා රු. 9.50 ක් බැගින් වන පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම වෙනුවෙන් Sterling Capital Investments විසින් ආයෝජනය කර ඇති මුදල රු.බිලියන 1.2ක් බව වාර්තා වන අතර, මේ වනවිට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි නිකුත් කරන ලද හා ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 67.9%ක අයිතිය Sterling Capital Investments සතු වනු ඇත.
එමෙන්ම, මීට පෙර 2019 ජනවාරි 07 දින පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 16.85ක් එකක් රු. 9.50 බැගින් පුද්ගලික නිකුතුවක් හරහා Sterling Capital Investments වෙත නිකුත් කර තිබුණි. ඒ වෙනුවෙන් Sterling Capital Investments අයෝජනය කර තිබූ මුදල රු.මිලියන 160 කි. මේ අනුව මෙම සමස්ත කොටස් අත්පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.36ක් Sterling Capital Investments විසින් මේ දක්වා ආයෝජනය කර තිබේ.
එමෙන්ම, මෙම හිමිකම් නිකුතුව හරහා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ තමන් සතු කොටස් හිමිකාරීත්වය කොටස් 143,234,052 ක් දක්වා වැඩි කර ගැනීමට මේ අනුව Sterling Capital Investments (පුද්) සමාගම සමත්ව ඇත.
මෙකී ව්‍යාපාර අත්පත් කර ගැනීමත් සමඟ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි ඉතිරි කොටස් සියල්ල මිලදී ගැනීම වෙනුවෙන් Sterling Capital Investments විසින් ඉදිරියේදී කොටසක් සඳහා රු. 9.50 ක් බැගින් වන පරිදි අනිවාර්යය අර්පණයක් සිදුකිරීමට නියමිත බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ.
2018 දෙසැම්බර් 31 දින මූල්‍ය ප්රකාශනවලට අනුව පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.16% ක් මහජන බැංකුව සතුව පැවති අතර, 37.06% ක් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතුව පැවතිණි.