විනිමය හා පොලී අනුපාත ඉහළ යන පරිසරයක කුඩා රාජ්‍යයන් රැසකට පාලනය කළ නොහැකි ආර්ථික අර්බුද රැසක් මතුව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ අදහස් දක්වා තිබුණි.
විශේෂයෙන්ම, ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ පාර්ශ්වකරුවන් මුහුණදී සිටින අභියෝග සහ වේගයෙන් ඉහළ යන ඉන්ධන වියදම මෙන්ම, ස්වභාවික විපත් ආදී අභ්‍යන්තර සාධක රැසක් මීට හේතු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ආර්ථිකයන් යාථාතත්ත්වයට පත්කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය දෙගුණයකින් වැඩි කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.