නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය රටපුරා පැතිරයාම වැළැක්වීම අරමුණු කරගෙන, 2020.03.16දා එනම්, හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එම තීරණය පරිදි පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන සියලු දෙනා වෙතද එම නිවාඩුව ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටියි.
නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා සියලු හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියි.