බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයන් ලබාගන්නා නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වාදීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා වාර්ෂිකව 7%ක පොලී අනුපාතයක් අවම වශයෙන් ණය කාලසීමාවේ පළමු වැනි වසර 5 සඳහා අය කරන ලෙසත්, ණය මුදලෙහි ඉතිරි කාල සීමාව සඳහා මාසික බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතයට (AWPR) වඩා ප්‍රතිශතකාංක 1ක ආන්තිකයක් සහිත පොලී අනුපාතිකයකින් අය කළ යුතු බවද මහ බැංකුව යෝජනා කර තිබේ.
මේ සඳහා උපදෙස් ළඟදීම බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කෙරෙන බව පවසන මුදල් මණ්ඩලය, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, අඩු පොලී අනුපාත පරිසරයේ ප්රතිලාභ නව හා පවත්නා පහසුකම් යටතේ කඩිනමින් තම ණය ගැනුම්කරුවන්ට ලබාදෙන ලෙසය.